25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළමා අපචාර සිද්ධියකට දඬුවම් ලැබූ භික්ෂුවක් වස බී ජීවිතක්ෂයට

ළමා අපචාර සිද්ධියකට දඬුවම් ලැබූ භික්ෂුවක් වස බී ජීවිතක්ෂයට

ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට මහාධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවක තීන්දුව පෙරේදා (09) ලබාදීමෙන් අනතුරුව 51 හැවිරිදි භික්ෂුවක් බන්ධනාගාර බස් රථය තුළදී වස පානය කර මියගොස් තිබෙ.

චෝදනා තුනක් යටතේ අදාළ දූෂණ නඩුව විභාග වූ අතර එම චෝදනා තුනට වරදකරු වී රුපියල් හත්ලක්ෂ හැත්තෑ පන්දාහසක වන්දි මුදලක් සහ තිස් අවුරුදු සිර දඬුවමක් නියම වූ එම භික්ෂුව, පෙරේදා සවස අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යමින් සිටියදී මෙලෙස වස පානය කර ඇත.

හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම භික්ෂුව මියගිය බව බන්ධනාගාර පවසයි. හම්බන්තොට මහ රෝහලේදී මේ පිළිබඳ මරණ පරීක්ෂණය කර තිබේ.