― political ―

මැද මාවතේ යන එකම පක්ෂය සජබෙ විතරයි – තුෂාර ඉඳුනිල්

බයියන්ගෙන් 50%කුත් ටොයියන්ගෙන් 50% කුත් එකතු කරගෙන මැද මාවතේ යන පක්ෂයක් ලෙසට හදුන්වා දිය හැකි එකම පක්ෂය බව සමගි ජන බලවේගය බව පාර්ලිමේන්තු මන්ත්‍රී...
HomeNewsPoliticalරජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණලා

රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණලා

පසුගිය රජය සමයේදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වී මේ සභාවේ දින පහක් පමණක් සිටි මන්ත්‍රීවරයකු රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණා ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඔහු මේ බව අනාවරණය කළේ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේදීය.

වසංගතයක් පවතින අවස්ථාවක ජනතාව බිල්ලට දෙමින් වැඩ වර්ජන පැවැත්වීම සාධාරණ නැති බවත් විරුද්ධ පක්ෂයේ අදහස වී ඇත්තේ ආණ්ඩු විරෝධී රැල්ලක් හැදීම බවත් වැඩිදුරටත් කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ කරට අතදාගෙන සිටි මේ පුද්ගලයා එසේ ඔඩොක්කුවේ සිටියදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැටුප් විෂමතා ගැන කතා නොකළේ මන්දැයි තමා ප්‍රශ්න කරන බව අමාත්‍යවරයා එහිදී ප්‍රශ්න කළේ‍ය.