29.5 C
Colombo
Wednesday, September 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් 2300ක් වරායේ සිරවෙලා

අත්‍යවශ්‍ය භාණ්ඩ බහාලුම් 2300ක් වරායේ සිරවෙලා

මෙරටට ගෙන්වන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු බහාලුම් 2300 ක් පමණ කොළඹ වරායේ සිරවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම බහාලුම්වල සීනි, පරිප්පු හා සහල් අඩංගු බවත් ලොකු ළූණු සහ අර්තාපල් වැනි දෑ කඩිනමින් නිදහස් කර ගැනීමට ඉක්මනින් පියවර ගන්නා බවත් එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

රටේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මෙම බහාලුම් නිදහස් කර ගැනීමට නොහැකි වී තිබේ.

නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදි හැකි ඉක්මණින් ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවට ප්‍රකාශ කළ බවය.