28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවශ්‍ය වුවහොත් යුක්‍රේනයේ සිටින ලාංකිකයන් ඉවත් කර ගන්නවා

අවශ්‍ය වුවහොත් යුක්‍රේනයේ සිටින ලාංකිකයන් ඉවත් කර ගන්නවා

හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

යුක්‍රේනය තුළ මේ වන විට ලාංකිකයන් 40ක් පමණ සිටින අතර යුක්‍රේනයේ ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් ඔවුන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බව විදේශ අමාත්‍යාංශය අවධාර්ණය කරයි.

මෙම ලාංකිකයන් අතරින් 07ක් සිසුන් වන අතර සියලුම ශ්‍රී ලාංකිකයන් කිසිඳු ගැටලුවකින් තොරව සිටින මේ වනවිට පසුවේ. යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති වුවත් තුර්කියේ පිහිටි තානාපති කාර්යාලය යුක්‍රේනයේ කටයුතුද සිදුකරයි.