27.8 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැලණිතිස්සට මෙතෙක් ඩීසල් ලබාදී නෑ

කැලණිතිස්සට මෙතෙක් ඩීසල් ලබාදී නෑ

විදුලිය නිෂ්පාදනය සදහා කැලණිතිස්ස බලාගාරයට මෙතෙක් ඩීසල් ලබා දී නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ නිසා පසුගිය 02 වැනිදා සිට එම බලාගාරයේ කටයුතු ඇනහිට ඇත. මේ අතර සපුගස්කන්ද විදුලි බලාගාරයට අවශ්‍ය ඉන්ධන හෙට දිනයටත් ලබා දීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර ඇති බව ඇන්ඩෲ නවමුනි පැවසීය.

විදුලි උත්පාදනය මේ දිනවල 25%ක් ජල විදුලියෙන් සිදු කෙරෙන බවත් විදුලිය නිෂ්පාදනයට කාසල්රී ජලාශයේ පවතින ජල ධාරිතාව ප්‍රමාණවත් වන්නේ තවත් සතියක් වැනි කාලයක් සඳහා පමණක් බවත් ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි.

මේ අතර මාස 03ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බැවින් ඒ සඳහා අවසර දීමට සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පසුගිය දිනවලදී ප්‍රකාශ කළේය.