25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalකෝටි තුනක් ගසා කෑ ගුරුවරයා අත්අඩංගුවට

කෝටි තුනක් ගසා කෑ ගුරුවරයා අත්අඩංගුවට

කෝටි තුනකට අධික මුදලක් වංචා සහගත ලබාගෙන පලා ගොස් සැඟව සිටින ගුරුවරයා අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.

ආයෝජනය කරන මුදල්වලට සිත්ගන්නා සුළු ඉහළ පොලියක් ලබා දෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් මෙම ගුරුවරයා වංචා සහගත ලබාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ නගරයට ආසන්න රජයේ විදුහලක දෙමළ මාධ්‍ය ඉගැන්වූ ගුරුවරයෙක් බව පොලිසිය පවසයි. සැකකරුගේ වංචාවට හසුවූ පුද්ගලයන් 35කට අධික පිරිසක් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයට අමතරව හොරණ පොලිසියටද පැමිණිලි කර ඇති අතර ඒ අනුව මොහු සොයා විමර්ශන ආරන්භ කර ඇත.

එම පැමිණිලිකරුවන් අතර බහුතරයක් ගුරුවරුන් බවත් සෙසු කීපදෙනා ඔවුන්ගේ ඥාතීන් සහ හිතවතුන් බවත් පොලිසිය පවසයි. සැකකාර ගුරුවරයා විසින් වෙනත් පුද්ගලයන් සිදුකරන ඇන්තූරියම් වගාවන් ඔහුගේ බව පවසා ඒවා පෙන්වා මුලාකර එයට මුදල් ආයෝජනය කළහොත් රුපියල් ලක්ෂයකට 20,000ක මාසික පොලියක් ලබාදෙන බව පවසමින් මෙම කූට වංචාව සිදුකර තිබේ.