― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalජවිපය තමයි ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ගිනි තියලා තියෙන්නේ

ජවිපය තමයි ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ගිනි තියලා තියෙන්නේ

එල්ටීටීඊ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර කිසිදු වෙනසක් නොමැති බවත් එම දෙපාර්ශවයම කළේ ‘මරාගත්තු එක’ බවත් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

අමත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (12) බෙලිඅත්ත ප්‍රදේශයේදී පැවති පොදුජන පෙරමුණේ කාන්තා බල මණ්ඩල රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“මම දැක්කා විපක්ෂනාකතුමා කියනවා පොහොට්ටුවේ අයට උදව් කරන්න වැඩ ලක්ෂයක් කරනවා කියලා. මාර මනුස්සයෙක්. ඒ අයගේ දේශපාලනය කඩාකප්පල් කරන එක. ජනතා විමුක්ති පෙරමුණෙහි ඉතිහාසය බෙලිඅත්තේ අයට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

ඒ අය වී ගබඩා ගිනි තියපු අය. ඉස්පිරිතාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගිනි තියපු අය. ජවිපෙ එක තමයි ලංකාවේ දේශපාලන ඉතිහාසයේ වැඩියෙන් ම ගිනි තියලා තියෙන්නේ. දැන් විදුලිය නැහැ කියනවා. ඒ කාලේ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා. එල්ටීටීඊ එකයි ජවිපෙ එකයි අතර ලොකු වෙනසක් නැහැ. මේක තමයි ඇත්ත කතාව. ඒ දෙගොල්ලොම කළේ මරාගත්තු එක. හැබැයි අපි ඒ අයට කියන්නේ දැන් පරණ දේවල් අතෑරලා දාන්න. මේ රට හදන්න. රාජ්‍ය සේවකයෝ විදියට අපිට වගකීමක් තිබෙනවා. අයිතිය ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ.

සැම විටම අපි විශ්වාස කරන දේ තමයි කාන්තාවෝ යන පැත්තට තමයි ආණ්ඩුව යන්නේ. රැස්වීමක සාමාන්‍යයෙන් කාන්තාවෝ වැඩි නම් අපි හිත් හදන් ගෙදර යනවා. රැස්වීමක පිරිමි වැඩි නම් පොඩ්ඩක් අප්සට් එකේ තමයි යන්නේ. සැම විට ම කාන්තාව ආරක්ෂා කරන්න අපි පක්ෂයක් විදියට කටයුතු කරනවා. එතකොට මේ සමාජය ආරක්ෂා කරන්න පුළුවන්. සමාජය ගෙඩනගන්න පුළුවන්”