26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්ථානයේ අමානුෂික ඝාතනයක්

පාකිස්ථානයේ අමානුෂික ඝාතනයක්

කුරාණයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් මැර පිරිසක් විසින් මධ්‍යම පාකිස්තානයේදී පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කර තිබේ.

පන්ජාබ් පළාතේ ඛානේවාල් දිස්ත්‍රික්කයේ පෙරේදා (12) සිදුකර ඇති එම ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 80කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍යව පවසයි.

ඝාතනය වූ පුද්ගලයා පැහැර ගැනීමට පෙර පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර පැහැර ගැනීමෙන් අනතුරුව එම පුද්ගලයාව ලාහෝර් සිට කිලෝමීටර 275ක් පමණ දුරින් යකඩ පොලුවලින් පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර ගසක එල්ලා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඔහුගේ දේහය ඊයේ (13) පවුලේ අයට භාර දීමෙන් පසු ඔවුන් විසින් අවසන් කටයුතු සිදුකර ඇත. පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පැවසුවේ එම පුද්ගලයා බේරාගැනීම සඳහා රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ඉල්ලා සිටින බවයි.