26.7 C
Colombo
Saturday, February 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝල්ස් රොයිස්, ලැම්බෝගිනි වෙන්දේසිය හදිසියේම නතර කෙරේ

රෝල්ස් රොයිස්, ලැම්බෝගිනි වෙන්දේසිය හදිසියේම නතර කෙරේ

නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රෝල්ස් රොයිස්, ලැම්බෝගිනි, ජගුවර්, මර්සිඩීස් බෙන්ස්, හමර් සහ බස් රථ දෙකක් වෙන්දේසි කිරීමට රේගුව ගෙන තිබූ තීරණය හදිසියේ නතර කර තිබේ.

රේගුව විසින් අත්අඩංගුවට ගත් මෙම ඉහළ පෙළේ සුඛෝපභෝගී වාහන ටෙන්ඩර් විකුණුම් ලේඛනයේ පිටපතකින් හෙළිදරව් වූ අතර බ්‍රහස්පතින්දා වෙන්දේසි කිරීමට නියමිතව තිබුණි. රේගු උපදෙස් මත එය අවසන් මොහොතේ නතර කෙරිණි.
අත්අඩංගුවට ගෙන ඇති වාහන නීතිවිරෝධී ලෙස ආනයනය කර ඇති බැවින් ඒවායේ හිමිකරුවෙකු නොදන්නා අතර සමහර වාහනවල කොටස් අතුරුදන්ව තිබේ. වාහන ආනයන සීමාවන් ක්‍රියාත්මක වූ පසුගිය මාස කිහිපය තුළදී ඒවා කිහිපයක් ආනයනය කර ඇත.

අත්අඩංගුවට ගත් වාහන වෙන්දේසි කිරීමේ ටෙන්ඩර් ක්‍රියාවලියක් පවතින බවත් රේගු දෙපාර්තමේන්තුවට ආදායම් උපයා ගැනීම සඳහා එවැනි වෙන්දේසි වරින් වර පවත්වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් ද සිල්වා පවසයි. වෙන්දේසිය නැවැත්වීමට හේතු පිළිබඳව වැඩිදුර තොරතුරු දන්වා නොමැත.