ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදී පැවැති දෙවැනි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යොමු කිරීමට අසමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කර තිබේ.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි තරග ගාස්තුවෙන් 20%ක මුදලක් දඩ ලෙස නියමකර ඇති බවයි.
මේ අතර තරගය අතරතුර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල රීති උල්ලංඝනය වන ලෙස වචන භාවිත කිරීමේ වරදට ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංකට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අවවාද කර ඇතැයි ද එහි දැක්වේ.