26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසිරුරට ගිනි ඇවිලීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

සිරුරට ගිනි ඇවිලීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අද (14) උදෑසන සිරුරට ගිනි ඇවිලීමෙන් ආපනශාලාවේ මුළුතැන්ගෙය තුළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ලිදුල පොලීසිය පවසයි.

මෙසේ ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිදුල ලැමරියර් වතු යායේ පදිංචි මරුදෙයිවිරන් පෙරුමාල් නැමති 74 හැවිරිදි තිදරු පියෙකි.

මෙම පුද්ගලයා ලිදුල නගරයේ ආපනශාලාවක කෝකියෙකු වශයෙන් සේවය කර ඇති අතර අද අළුයම ආපනශාලාව වෙත පැමිණි එම පුද්ගලයා ආහාර පිසමින් සිටින අවස්ථාම්වේ සිරුරට ගිනි ඇවිලීමෙන් ආපනශාලාවේ උඩු මහලේ පිහිටි මුළුතැන්ගෙය තුළ මියගොස් තිබේ.

සිරුරට ගිනි ඇවිලෙන අවස්ථාවේ ආපනශාලාවේ කිසිවෙක් සිට නොමැති අතර ආපනශාලාවේ හිමිකරු වෙලදසැළට පැමිණ පරික්ෂා කරන අවස්ථාවේ කෝකියා සිරුරට ගිනි ඇවිලීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බවට පොලිසිය වෙත දැනුම් දී ඇති බව පොලිසිය අවධාර්ණය කරයි.