30.6 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව 07 වැනි දිනටත්

සෞඛ්‍ය වර්ජනය අඛණ්ඩව 07 වැනි දිනටත්

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 07ක් මුල් කර ගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද 7 වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියි. කොළඹ – දිසා අධිකරණය පැනවූ වාරණ නියෝගයට අනුව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සභාපතිත්වය දරණ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයෙන් ඉවත් විය.

වර්ජනයෙන් ඉවත් වූ හෙද නිලධාරීන් රැසක් අද (14) සේවයට වාර්තා කළේය. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හැර අනෙක් වෘත්තීය සමිති 17 තවදුරටත් වර්ජනයේ නිරත වෙයි. මේ හේතුවෙන් රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල රසායනාගාර කටයුතු, විකිරණ පරීක්ෂණ සහ ඖෂධ බෙදා හැරීම අඩපණ වී ඇති බවයි, වාර්තා වන්නේ. ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් මේ පිළිබඳ දැඩි අපහසුතාවයට පත්ව තිබේ.