― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsT20 තරගය ගැන මැකෝ කියන කතාව

T20 තරගය ගැන මැකෝ කියන කතාව

ඊයේ (13) පැවති ටී ටුවෙන්ටි තරගයෙන් පසු බොහෝ දෙනා එම තරගයේ විනිසුරුවරයා විසින් ලබා නොදුන් වයිඩ් පන්දුව පිළිබද බොහෝ දේ මුහුණුපොතේ පල කළා. ඇතැමුන් ICCයට පවා චෝදනා කරමින් දරුණු වාග් ප්‍රහාර එල්ල කළ නමුත් ඇතැමුන් නම් ඉතා සංයමයෙන් සිහින් වචන ප්‍රහාරවලින් එම විවේචනයන් සිදු කළා.

ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම සුන්දර මිනිසෙක් වගේම හිටපු රාජ්‍ය සේවකයෙක් වූ මහින්ද දේශප්‍රිය මහත්තයත් ඒ ගැන මුහුණුපොතේ අපූරු සටහනක් යොදලා තිබුනා. අපි හැමෝම දන්නවා මහින්ද දේශප්‍රියගේ වාග් මාලාව නම් දරුණු නැහැ. හරිම කලට මිහිරි වදන් පවසන එතුමා මේ සිද්ධිය ගැන කතා කලෙත් ඒ විදිහටම තමයි.

එම සටහන අපි මේ ලිපියට මේ විදිහට එකතු කරනවා.

මේ කතාව සම ලකුණු ගත් නැත්නම් ‘හරි පොර’ වූ අද පැවති ඨ් ටුවෙන්ටියේ තරගයේ නොනිල වීරයා ලෙස සමහරු හඳුන්වන පන්දු හය ගණන් කිරීමේ නිරතවූ ⁣රො.ටකර තුමා ගැන නොවේ. මෙය මංජුල සේනාරත්න සහෘදයාගේ ‘දෙවන ගැහැණිය’ පොතේ තිබූ ⁣සංවාදයක් ඇසුරෙනි .

**** එක දවසක් කාක්කෙකුයි කොවුලෙකුයි එක ගහක ඉඳන් සිංදු ගායනා කරමින් හිටියලු. කාක්කා කිව්වලු මං තමයි හොඳටම සිංදු කියන්නෙ කියල. කොවුල කිව්වලු මං තමයි හොඳටම කියන්නෙ කියල. දැන් මේක තරගයක්ලු. ඔන්න ඉතිං මේ වෙලාවෙ ඌරෙක් ගහ යටින් යන්න ආවලු. අපි දෙන්නගෙන් හොඳට ගයන්නෙ කවුද කියල තෝරල දෙන්න කියල කාක්කා මේ ඌරට කිව්වලු. ඉතිං ඌරා තේරීම බාර විනිශ්චයකාරය වුණාලු.
කාක්කා, කාක් කාක් ක්‍රෝ ක්‍රෝ කියල ගැයුවලු. කොවුලා ෂ්,ශ් ෂූ ශූ කියල ගැයුවලු. මේ ගැයුම් විනිශ්චය කරපු ඌරා තමන්ගෙ තීරණය කිව්ලු. කාක්කා තමයි හොඳ. කාක්කා තමයි දිනුම් කියල. මේ තීරණය ගැන දුකට පත්වුණ කොවුලා අඬන්න ගත්තලු. එතකොට ඌරා කිව්වලු උ⁣ඹේ දුක මට තේරෙනවා, පැරදුණාම දුක හිතෙනවා කියල. එතකොට කොවුලා කිව්වලු මට දුක පැරදුණ එක නෙවෙයි, ඌරෙක් මගේ තරගය විනිශ්චය කරපු එක කියල.

* මෙය අද තරඟයට ආදේශ කළ නොහැක. මක්නිසාද යත් සූකරයා ට අපහාසයක් විය හැකි බැවිනි.