25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්ධන මිල හා සංචිත ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන මිල හා සංචිත ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මේ වනවිට ප්‍රමාණවත් තරම් ඩීසල් තොග මෙරටට ලැබී ඇති අතර ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ වනවිටත් ඉන්ධන පිරවුම්හල් අසළ දිගු වාහන පෝලිම් පවතින පසුබිමකය.

ලංකා IOC සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග මේ වනවිට ජනතාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත වැඩි වශයෙන් යොමුවීමට ආරම්භ වී තිබේ.

ඒ හේතුවෙන් මේ වනවිට එම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන අතර ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන හිඟයක්ද මතුව ඇත. මෙම තත්ත්වය හමුවේ ආනයන සහ අපනයන බහාලුම් ප්‍රවාහන කර්මාන්තයටද විශාල බලපෑමක් එල්ල වී ඇතැයි එක්සත් ලංකා බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය සහ සමස්ත ලංකා බහාලුම් ඒකාබද්ධ ප්‍රවාහන සංසදය පැවසීය.

කෙසේවෙතත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් අද කොළඹ වරාය වෙත ළඟාවී තිබුණි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ඉන්දියාව මෙරටට ලබාදීමට නියමිත අතර ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙන තුරු මෙම ඩීසල් තොගය මෙරටට එවා තිබේ.

එම ඩීසල් තොග රැගත් නෞකාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විසින් භාරගනු ලැබීය. එහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා,

“මුදල් දෙන ඕනම කෙනෙකුට ඉන්ධන දෙන්න අපි සූදානම්. අපි ළඟ දැන් තෙල් තියෙනවා. මම ඉල්ලීමක් කරලා තියෙනවා තෙල් මත තියෙන සියලුම බදු ඉවත් කරලා දෙන්න කියලා. එහෙම වුණොත් මිල වැඩිකිරීමකින් තොරව කරගෙන යන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් මිල වැඩිවෙන්නේ මධ්‍යම රාත්‍රියේ. නමුත් තාමත් අපි එවැනි තීරණයක් අරගෙන නෑ.”

මේ අතර පෙට්‍රල් රැගත් නෞකාවක පෙට්‍රල් තොග ඛනිජ තෙල් සංස්ථාවට අයත් කෙරවලපිටිය අංගනය වෙත පොම්ප කිරීම අද ආරම්භ කෙරුණි.