25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි දමිළ රැඳවියන් පිරිසකට තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියම කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින දමිළ රැඳවියන් පිරිසක් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (15) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය සිදු කෙරුණි.

එස්. තුරෙයිරාජා, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවා තිබුණි. අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා දැනටමත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙන අතර මෙම නඩුවට පාදක වන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණි.

පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමන්තිරන් අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමක් සිදු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ විමර්ශනයේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝග කර තිබේ. අනතුරුව පෙත්සම අගෝස්තු 09 වැනිදා යළි කැඳවීමට නියම කළේය.