― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සදහා මම පෙරට එනවා

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සදහා මම පෙරට එනවා

රජය සම්බන්ධයෙන් සෘජුව ප්‍රශ්න කරන මාධ්‍යවේදීන් පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හෝ පොලිසිය මගින් කැඳවීමක් සිදු වුවහොත් එවැනි මාධ්‍යවේදීන් සමග තමාද අදාළ ස්ථාන වෙත පැමිණෙන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුළ පවත්වන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවලදී රජයේ තීරණ සම්බන්ධව සෘජු ප්‍රශ්න ඇසීම හේතුවෙන් ඇතැම් මාධ්‍යවේදීන්ට තර්ජනාත්මක ඇමතුම් ලැබුණු බව එම අවස්ථාවේදී මාධ්‍යවේදියෙක් පැවසීය.

එබැවින් එවැනි තර්ජනයක් හෝ වෙනත් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙනී සිටිනවා ද? යනුවෙන් තවත් ජනමාධ්‍යවේදීයෙකු එහිදී විමසීමක් කළේය.

ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,
“කෙනෙක් යම් අපරාධයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කරනකොට ඔහු දේශපාලනඥයෙක්ද, මාධ්‍යවේදියෙක්ද, නීතීඥයෙක්ද කියන කාරණාව වැදගත් වන්නේ නෑ. නමුත් මහ ජනතාවට යම් සත්‍යයක් සමාජගත වීම නිසා කිසියම් කෙනෙක් ප්‍රශ්න කිරීමට ලක්වෙනවා නම් ඒක බරපතළ කාරණාවක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නිරෝගී ද කියන එක ගැන ප්‍රශ්න මතුවීමක්. කිසිසේත්ම පොලිසියක ප්‍රශ්න කිරීමක් සිදු නොවන බව වගකීමෙන් කියනවා. එහෙම ප්‍රශ්නයක් ආවොත් කියන්න මමත් එනවා ඔබ එක්ක යන්න.”

මේ අතර පසුගිය දා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට යම් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය පිළිකුළෙන් යුතුව බැහැර කරන අතර “එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වහනය වන්නේ කුණු වූ සමාජ පිරිස්වල දුර්ගන්ධය බව” ඔහු සඳහන් කළේ ය.

එම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින අතර ඊට අදාළ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට පමණක් පොලිස් නිලධාරීන් 60 දෙනෙකුගෙන් යුතු පරීක්ෂණ කණ්ඩායම් 9ක් යොදවා ඇති බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

එම ප්‍රහාරය සිදු කළ පිරිස් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට පොලිසිය අසමත් වන්නේ නම් එහි වගකීම ආණ්ඩුවට එල්ල වීම වැළැක්විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.