දෛනික විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.
ජල විදුලිය නිෂ්පාදනය හා බලාගාර සතු ඉන්ධන සීමාවීම හේතුවෙන් අද සිට දෛනිකව විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසම මීට පෙර පැවසීය.
ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන උපයෝගිතා කොමිසම අද රැස් වූ අතර එහිදී ජනක රත්නායක කියා සිටියේ,
“නිරන්තරයෙන් ඉන්ධන ලැබිය යුතුයි. එහෙම උපකල්පනය කරලා තමයි අපි මේ තීරණයට ආවේ. ඒ ගැන විදුලිබල මණ්ඩලයට අපි දන්වලා තියෙනවා.”