27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහිස් ප්ලාස්ටික් වතුර බෝතල්වලට සතොසෙන් රුපියල් 10ක්

හිස් ප්ලාස්ටික් වතුර බෝතල්වලට සතොසෙන් රුපියල් 10ක්

සතොස හරහා පරිසර හිතකාමී ජල බෝතල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහනට මේ වන විට ආරම්භ කර තිබේ.

ඒ අනුව සතොස පානීය ජල බෝතලයක් මිලදී ගෙන පානය කර අවසන් වී නැවත සතොසට භාරදුන් විට පාරිභෝගිකයා හට රුපියල් 10ක ගෙවීමක් සිදුකරන බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ඒ අනුව පානීය ජල බෝතල් රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත, මණ්ඩල, රජයේ දෙපාර්තමේන්තු මිලදී ගැනීමේදී සුවිශේෂි රාජ්‍ය වියදම් අවම කිරීමටද වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වවූ අමාත්‍යවරයා කියා සිටියේ,

“මේ පානීය ජල බෝතලයක් SLS ලාංඡන සහිත රුපියල් 35යි සිල්ලර මිල. එහිදී රජයේ ආයතනයක් තොග වශයෙන් මිලදී ගැනීමේදී සියයට 17.22ක් රුපියල් 6ක වට්ටමක් අපි ලබාදෙනවා. එවිට ජල බෝතලය රුපියල් 9යි. ආපසු භාරදුන් විට දෙනවා රුපියල් 10ක්. ජල බෝතලයක් සඳහා රජය වියදම් කළ යුත්තේ ශුද්ධ වශයෙන් රුපියල් 19යි. පරිසරයට මෙම බෝතල් මුදාහැරීමෙන් සිදුවන මහා ව්‍යවසනය වැළැක්වීමට සතොස පානීය ජලබෝතල් මිලදී ගන්නා ලෙස රාජ්‍ය ආයතන සියල්ලගෙන් අපි කාරුණික ආයාචනයක් කරනවා.”