26.7 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුවේ වැරදි පෙන්නන අයට මේ දිනවල තරු පෙන්නනවා

ආණ්ඩුවේ වැරදි පෙන්නන අයට මේ දිනවල තරු පෙන්නනවා

ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය හෙළි කරන පුද්ගලයන් බිය ගැන්වීමේ නීච වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වන බව බවත් මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරීන්ට මෙම රජය යටතේ එම අඳුරු සෙවනැලි පහල වෙමින් තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන පැවසීය.

අද (16) එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පෙරවරුවේ හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට පසුගියදා එල්ල වූ ගල් මුල් ප්‍රහාරයෙන් හා සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියෙන් පැහැදිලි වන්නේ අඳුරු යුගයක සෙවනැලි මතු වෙන බවයි.