29.5 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමරිකාවේ ඒඩ්ස් ආසාදිත කාන්තාවක් සුවය ලබයි

ඇමරිකාවේ ඒඩ්ස් ආසාදිත කාන්තාවක් සුවය ලබයි

අමෙරිකාවේ HIV ආසාදිත කාන්තාවක් ප්‍රාථමික සෛල බද්ධ කිරීමකින් පසු සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

64 හැවිරිදි වියේ පසුවූ එම කාන්තාව ඇට මිදුළුවල රුධිරය නිපදවන සෛල ආශ්‍රිතව හටගන්නා ඇකියුට් මයලොයිඩ් ලියුකේමියාවටත් ගොදුරු වී සිට තිබුණි.

ඊට ප්‍රතිකාර වශයෙන් පරිත්‍යාගශීලියෙකුගේ පෙකණිවැලෙන් ලබාගත් රුධිර සෛල ඇයට බද්ධ කර තිබුණි.

පරිත්‍යාගශීලියාගේ රුධිර සෛල HIV වෛරසයට ස්වාභාවිකවම ප්‍රතිරෝධයක් දක්වන බව සඳහන්ය.

මේ ප්‍රතිකාරයෙන් පසු එම කාන්තාව HIV ආසාදනයෙන් සුවය ලබා ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වෙයි.

ඇයට HIV සඳහා ලබාදෙන ඇන්ටිරෙට්‍රොවයිරල් තෙරපි වැනි ප්‍රතිකාර ලබාදීමේ අවශ්‍යතාවක් නොවූ බවද එම වාර්තාවල දැක්වෙයි.