29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 11ක පාඩුවක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 11ක පාඩුවක්

පවතින තත්ත්වය හමුවේ පෙබරවාරි මාසයේ අලාභය රුපියල් බිලියන 11 ක් පමණ වනු ඇතැයි ලංකා ඛණිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි.

ඉන්ධන මිල ඉහළ දැමීමක් හෝ ඉන්ධන මත පනවා ඇති බදු සහනයක් ලබා දෙන්නැයි මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව එහි සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළේය.

පවතින තත්ත්වය යටතේ ඉන්ධන මිල මෙලෙස පවත්වාගෙන යාමෙන් ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට දැඩි අලාභයක් දරා ගැනීමට සිදුව ඇතැයි බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඩොලර් නොමැති වීමෙන් ඉදිරියේදී රටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම අර්බුදකාරි තත්ත්වයකට ලක්වන බවත් මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන ඉන්ධන මත පනවා ඇති බදු සඳහා සහනයක් හෝ ඉන්ධන මිලෙහි වැඩිවීමක් කඩිනමින් සිදු කරන්නැයි ඛනිජ තෙල් නිතීගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙන බවත් බලශක්ති අමාත්‍යාංශය අවධාර්ණය කරයි.