23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඡන්ද ලැයිස්තුවෙන් ඔටුන්න සහ ගොවියා ගැලවෙයි

ඡන්ද ලැයිස්තුවෙන් ඔටුන්න සහ ගොවියා ගැලවෙයි

දේශපාලන පක්ෂවල ලකුණු ලෙස යොදා ගැනීමට වෙන්කර දී ඇති ලැයිස්තුවෙන් ලකුණු 02ක් ඉවත් කිරීමට පියවර ගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දන්වයි.

එලෙස ඉවත් කර ඇත්තේ ඔටුන්න සහ ගොවියා යන ලකුණු දෙකයි.

දේශපාලන පක්ෂ සඳහා අනුමත කර ඇති ලකුණු ඇතුළත් නව ලැයිස්තුව පසුගිය ජනවාරි 21 වැනිදා මැතිවරණ කොමිෂන් සභාව මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත් කර තිබුණි.

එහි දේශපාලන පක්ෂ සඳහා මේ වනවිට වෙන්කර දී ඇති ලකුණුවලට අමතරව පක්ෂ සඳහා ලබාගත හැකි ලකුණු සඳහන් කර තිබූ අතර එහි ඇතුළත් වූ ඔටුන්න ලකුණ සහ ගොවියා ලකුණ නව ගැසට් නිවේදනයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ගැනුණි.

මේ අතර 2021 වසරේ සිදු කළ ආකාරයෙන්ම මෙවර ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් වන ලිඛිත එකඟතාවය හෙට (17) ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.