26.3 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනප්‍රිය නළුවෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

ජනප්‍රිය නළුවෙක් රිය අනතුරකින් ජීවිතක්ෂයට

ඉන්දීයාවේ පන්ජාබ්හි ජනප්‍රිය නළුවෙකු වන දීප් සිද්ධු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයනවිට ඔහු 38 හැවිරිදි වියේ පසුවිය.

පන්ජාබ් ප්‍රාන්තයේ භාතින්දා දක්වා යමින් සිටියදී අධිවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති අතර ඔහු ගමන්ගත් ජීප් රථය ඉදිරියෙන් ගමන්කරමින් තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

ජනරජ දින විරෝධතා සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ පසුගිය දිනවල දීප් සිද්ධු පිළිබඳ විශේෂ කතාබහක් ඇතිවිය.