27.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙහිවල සත්වෝද්‍යානයේ දුර්ලභ ගව උපතක්

දෙහිවල සත්වෝද්‍යානයේ දුර්ලභ ගව උපතක්

ලෝකයේ වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී සිටින ‘ඇරබියන් ඔරික්ස්’ විශේෂයට අයත් ගව පැටවෙකු දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලබා ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ෂර්මිලා රාජපක්ෂ පවසයි.

මෙම සත්වයා සත්වෝද්‍යානය තුළ සති දෙකකට පමණ ඉහතදී පමණ උපත ලබා ඇති අතර මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බව ඇය සඳහන් කළාය.

මෙම සත්ව විශේෂයට අයත් සත්වයින් 15 දෙනෙකු පමණ මෙරට සත්වෝද්‍යාන සහ සෆාරි උද්‍යාන තුළ සිටියි. ලොව පුරා වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති එම සතුන්ගේ ගහනය වර්ධනය කිරීම සඳහා සත්වෝද්‍යාන තුළ ම අභිජනනය කර ස්වභාවික පරිසරයට මුදා හැරීම විශේෂත්වයකි.