23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවීමට තීරණය කර තිබේ.

ලබන 23 වැනිදා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේය.

එහිදී පාර්ලිමේන්තුවේ මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පත්කර ඇති විශේෂ කාරක සභාවට මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ යෝජනා සඳහා දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට නියමිතය.

මීට අමතරව පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳවද එහිදි අවධානය යොමු කිරීමට නියමිතය. මැතිවරණ කොම්සමේ සභාපතිවරයා සඳහන් කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ඕනෑම මොහොතක මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බවයි.