― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට කොවිඩ් මරණ සියයට 17කින් ඉහළට - වෛද්‍ය අන්වර් හම්දානි

මෙරට කොවිඩ් මරණ සියයට 17කින් ඉහළට – වෛද්‍ය අන්වර් හම්දානි

මෙරට රෝහල් තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සහ දැඩි සත්කාරවල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිශතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වෛද්‍ය තාක්‍ෂණික සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.

මේ වනවිට මෙරට කොවිඩ් මරණද සියයට 17කින් පමණ ඉහළ ගොස් ඇති බවත් මේ දිනවල වාර්තා වන කොවිඩ් මරණවලින් සියයට 60ක් පමණ බූස්ටර් මාත්‍රාව ලබානොගත් පුද්ගලයින් බවත් හෙතෙම අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා ප්‍රකාශ කලේ,

“පහුගිය සතියත් එක්ක සංසන්දනාත්මකව ගත්තම අපිට රෝගීන් වාර්තාවීම සියයට විස්සකින් වගේ වැඩි වෙලා තියෙනවා. මේ වෙද්දී මරණ වාර්තා වීම සියයට 17කින් වැඩිවෙලා තියෙනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 12ක විතර වැඩිවීමක් අපි දකිනවා. ඒ සමගම දැඩි සත්කාර ඒකකවල ඉන්න රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 3ක විතර වැඩිවීමක් අපි දකිනවා. මෙවැනි තත්ත්වයක් තුළ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳම කාරණාවල් කිහිපයයි තියෙන්නේ. මේ වෙද්දී අපි පළමු මාත්‍රාව සියයට 95කට විතර දීලා තියෙනවා අවුරුදු 12 ට වැඩි ජනගහණයට. දෙවැනි මාත්‍රාව සියයට 80ක් විතර ලබාදීලා තියෙනවා අවුරුදු 12 ට වැඩි ජනගහණයට. බූස්ටර් මාත්‍රාව සියයට 44ක් දක්වා ප්‍රමාණයකට අපි දීලා තියෙනවා. මේකේ ඉලක්කගත කාරණාව වන්නේ අපට දැන් මරණ යම්කිසි ප්‍රමාණයකට ප්‍රතිශතයක් වශයෙන් ගත්තම වැඩිවීමක් දකිනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ යමිකිසි ප්‍රතිශතයක වැඩිවීමක් දකිනවා. මේ වෙද්දී දැඩි සත්කාර ඒකක කරා යොමුවන රෝගීන්ගේ වැඩිවීමක් අපිට පෙනිලා තියෙනවා. ඉතින් බූස්ටර් මාත්‍රාවෙන් අපිට ඔය කාරණා ටික අඩුකරගැනීමේ හැකියාව තියෙනවා.

බූස්ටර් එන්නත් මාත්‍රාව ලබානොගත් පිරිසගේ රෝහල්ගතවීම සංඛ්‍යාව සියයට 8ත් 10 ත් අතර තියෙනවා. අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ පිරිසගෙන් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබානොගත් පිරිස සියයට 60ක් විතර තියෙනවා. දවසකට මරණ 30ක් පමණ වාර්තා වෙනවා මේ අවස්ථාවේදී. එයින් සියයට 60ත් 65ත් අතර ප්‍රමාණයක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන නෑ. ඉතින් ඒක හින්ද ඒකෙන්ම පෙනී යනවා ඒකෙත් බොහොම ප්‍රබල කාරණාවක් තියෙනව අනිත් රටවල් එක්කත් සන්සන්දානාත්මකව මේක බලන්න ඕන. මොකද මේක ගෝලීය වසංගතයක්. අපේ රටට විතරක් විශේෂිත වූ වසංගතයක් නෙවෙයි. අනිත් රටවල් වලත් දියුණු රටවල් වලත් ඔවුන් ක්‍රියාත්මක කරගෙන යන ක්‍රමවේදයන්. පිළිවෙලවල් අපි ඒවා අනුගමනය කරලා අධ්‍යයනය කරලා තමයි මේ බූස්ටර් මාත්‍රාව කියන දේ හඳුන්වා දෙන්නේ. මේ බූස්ටර් මාත්‍රාව හඳුන්වාදීමේ ප්‍රධාන පරමාර්ථය තමයි ඔබව රැකගන්න. ඒක හින්දා ඔබ ඉදිරිපත් වෙන්න ඕන ඔබව රැකගන්න. එයින් තමයි, ඔබත් අපත්, සමාජයත් රටත් ආරක්ෂා වෙන්නේ.”