29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙරට පාලම් නවීකරණයට කුවේට් ආධාර

මෙරට පාලම් නවීකරණයට කුවේට් ආධාර

දිවයිනේ පළාත් 07ක පාලම් 66ක් ප්‍රතිසංස්කරණය කිරීමට කුවේට් ආධාර ලැබෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.

ඉදිරියේදී අදියර කිහිපයක් යටතේ එම පාලම් ප්‍රසම්පාදනය කිරීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව යටතේ මෙම පාලම් ප්‍රතිසංස්කරණය කෙරෙන අතර කුවේට් රජය මූල්‍ය ආධාර සපයන මෙම පාලම් ව්‍යාපෘතිය වසර තුනක් ඇතුළත අවසන් කිරීමට නියමිතය.

ජාතික මාර්ගවල පැරණි පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීම සහ පටු පාලම් පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීමෙන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම එමගින් ජනතාවට ගමන් කාලය අවම කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම ගංවතුර, නායයෑම් වැනි හදිසි ආපදා තත්ත්ව යටතේ වුවද රට පුරා මාර්ග ජාලයේ බාධාවකින් තොරව ආරක්ෂාකාරීව ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා තාවකාලික පාලම් ඉදිකිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය පාලම් ලේඛනය මේ වන විට සකස් කර ඇති ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.