26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටට වැඩක් නොකළොත් තරුණයින් දේශපාලකයින්ට ශාප කරයි

රටට වැඩක් නොකළොත් තරුණයින් දේශපාලකයින්ට ශාප කරයි

රටට අනාගතයක් ඇති කිරීමේ යුතුකම ඉටු නොකර පැන ගිය හොත් තරුණ පරපුර වත්මන් දේශපාලකයන්ට ශාප කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය. අද (16) විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

යුතුකම් ඉටු නොකර පැන ගිය හොත් ඔබලා රටේ අනාගතය මෙන්ම අපේ අනාගතය නැති කළා කියා තරුණ පරපුර දේශපාලකයන්ට බැණ වදිනු ඇතැයි එහිදී ඔහු ප්‍රකාශ කළේය.

දිළිඳු ජනගහනය ලක්ෂ පහකින් පමණ වැඩි වී තිබෙන අතර ප්‍රමාණය තවත් වැඩි වීමට නියමිත බවත් මධ්‍යම පන්තිය කඩා වැටී ඉතා අසීරුවෙන් ජීවත් වන අතර ඇතැම් විට ඔවුන්ට මධ්‍යම පන්තියෙන් පිට වීමට සිදුවනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.