29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැදවියන් දණ ගස්සා මරණ තර්ජන කිරීමේ පරීක්ෂණවල ප‍්‍රගතිය වාර්තාව කෝ?

රැදවියන් දණ ගස්සා මරණ තර්ජන කිරීමේ පරීක්ෂණවල ප‍්‍රගතිය වාර්තාව කෝ?

2021 වසරේ සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු ද්‍රවිඩ ජාතික සිරකරුවන් දෙදෙනෙකු දණගස්වා හිසට පිස්තෝලය තබා මරණ තර්ජන කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එවකට බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේට එරෙහි පරීක්ෂණවල ප‍්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) පොලිස්පතිවරයාට නියෝග කළේය.

මරණ තර්ජනයට ලක් වූ සිරකරුවන් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස මීට පෙරද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.