29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂෙහාන් මාලක අත්අඩංගුවට ගත්තේ නීතිපති උපදෙස් අනුවයි

ෂෙහාන් මාලක අත්අඩංගුවට ගත්තේ නීතිපති උපදෙස් අනුවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සමාජ ක්‍රියාකාරි ෂෙහාන් මාලක අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය වසරේ අගෝස්තු 17 වැනිදා ඔහු විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළ කරුණු පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කර අදාළ ගොනු නීතිපති උපදෙස් වෙත යොමුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඒ අනුව ඔහු ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවත් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පසුගිය 24 වැනිදා නීතිපති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවත් එම නිවේදනයේ සදහන්ය.