26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහල් මිල පහළට

සහල් මිල පහළට

මේ වනවිට මරදගහමුල සහල් වෙළඳපොළේ සහල් මිල පහත ගොස් තිබේ. මීට පෙර රුපියල් 160 ත්, 170 ත් අතර මිලකට අලෙවි වූ සම්බා සහල් කිලෝවක මිල අද වන විට සඳහන්ව ඇත්තේ රුපියල් 140 ක් ලෙසයි.

රුපියල් 155ක් වැනි මිලකට අලෙවි වූ නාඩු සහල් කිලෝවක මිල රුපියල් 138ක් දක්වා පහත බැස තිබෙන අතර මරදගහමුල සහල් වෙළඳුන් පවසන්නේ සහල් අලෙවියේද කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි. සතොස මඟින් අඩු මිලට සහල් අලෙවි කිරීම ඊට හේතුවී ඇත.

මේ අතර වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පැවසුවේ මෙවර මහ කන්නයේදී රජය අපේක්ෂා කළාට වඩා වැඩි වී අස්වැන්නක් ලැබී ඇති බවයි. මෙවර වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීම ඉලක්කය වී ඇති බවත් ඉකුත් සති දෙක තුළ පමණක් වී මෙටි්‍රක් ටොන් 35,000 ක් මිලට ගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.