― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහින්දි සිනමාවේ disco music රජා මියයයි

හින්දි සිනමාවේ disco music රජා මියයයි

හින්දි සිනමාවේ disco music රජා ලෙස සැලකෙන සංගීතඥ බප්පි ලහි‍රි ඉන්දියාවේ මුම්බායි නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මිය යනවිට 69 හැවිරිදි වියේ පසු වූ අතර දරුවන් දෙදෙනකුගේ පියෙකි. 2020 වසරේ තිරගත වූ භාගී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළද බප්පි ලහි‍රිය.

ඔහුගේ disco dancer චිත්‍රපටයට අමතරව චල්තේ චල්තේ සරාභි ආදී චිත්‍රපටද අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපට අතර වෙයි. 70 80 දශකයේ ඉන්දීය චිත්‍රපට සිනමාව නව මාවතකට ගෙන ආ මෙම සංගීතඥයා සංගීත අධ්‍යක්ෂණය කළ disco dancer චිත්‍රපටය එවකට හින්දි සිනමාවේ එතෙක් පැවති සාම්ප්‍රදායික සංගීත රටාව අතික්‍රමණය කළ අත්හදා බැලීමක් ලෙස සැලකෙයි.