27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅනියම් ඇසුරක් නිසා බිරියගේ අත්පා වෙන් කළ නීලක නිවැසියන් බියගන්වා දරුවා පැහැරගෙන

අනියම් ඇසුරක් නිසා බිරියගේ අත්පා වෙන් කළ නීලක නිවැසියන් බියගන්වා දරුවා පැහැරගෙන

හෙරොයින් මත් කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙක් අහසට වෙඩි තබා වෙනත් අයෙකු භාරයේ සිටි ඔහුගේ දරුවා රැගෙන යාමේ පුවතක් අද (17) පෙරවරුවේ හොරණ කඳන ප්‍රදේශයෙන් වාර්තා විය.

ඔහුගේ අපරාධ ඉතිහාසය එතරම් යහපත් එකක් නොවන බැවින් මෙම පුද්ගලයා පිය සෙනෙහස පෙන්නුම් කරමින් දරුවා ගෙන ගියාදැයි සිතීමම විහිලුවකි. ඔහුගේ එකම දරුවා මෙලෙස රැගෙන ගොස් තිබුනේ අධිකරණය මගින් ඔහුගේ මව භාරයට තාවකාලිකව දරුවා පත් කර පරිවාසයට යොමු කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදීය.

මිනීමැරුම් චෝදනා ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ‘ඉළිබේ රංජිගේ පුතා’ නොහොත් ‘නීලක’ නැමැත්තා විසින් මෙලෙස දරුවා පැහැරගෙන ගොස් ඇත.

දරුවාගේ නැන්දා, එනම් මෙම පුද්ගලයාගේ සොයුරිය භාරයේ සිටි දරුවා නැවතී සිටි නිවස ඉදිරිපිටට පැමිණ ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා බිය ගන්වා වයස අවුරුදු 7ක සිය දරුවා රැගෙන ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි. අද (17) පෙරවරු 7.40.ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි නිලක අහසට වෙඩි තබා සහෝදරියට තර්ජනය කර නිවස තුළට ගොස් නිවසේ සෑම තැනක්ම සෝදිසියට ලක්කර දරුවා රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

නීලක රිමාන්ඩ් භාරයේ සිටි අවධියේදී බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවයක් පැවැත්වීමට දඩුවමක් ලෙස මීට සතියකට පමණ පෙර සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා හිසටද බරපතල තුවාල කර තිබේ. නීලක විසින් බිරිඳ අනියම් ඇසුර පැවැත්වූ ත්‍රීරෝද රථ රියදුරුට බුලත්සිංහලදී පිහි ඇණුම් සිදු කර බරපතල තුවාල කර තිබේ.

දරුවාගේ භාරකාරීත්වය පිළිබද ප්‍රශ්න මතු වී ඇත්තේ මෙම සිදුවීම්වලින් පසුවය. මීට වසර කීපයකට ඉහතදී හොරණ කිරිගල වධකාගාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට ඇප මත නිදහස්ව සිටි නීලක මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සඳහා දැඩිව ඇබ්බැහි වූව්කේ.

නීලක අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මේ වනවිට විශේෂ විමර්ශන අරඹා තිබේ.