28.9 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයහපත් කාලගුණයෙන් බ්‍රසීලයේ 71ක් ජීවිතක්ෂයට

අයහපත් කාලගුණයෙන් බ්‍රසීලයේ 71ක් ජීවිතක්ෂයට

බ්‍රසීලයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 71ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රසීලයට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ බ්‍රසීලයේ නගර රැසක නායයෑම් සහ ජලගැලීම් තත්ත්වයන් සිදුව ඇති අතර රියෝද ජෙනයිරෝ නගරයට උතුරින් පිහිටි කඳුකර ප්‍රදේශයේ නායයෑම් රැසක් සිදුව තිබේ.

මේ හේතුවෙන් රියෝද ජෙනයිරෝ නගරය තුළ හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇත. රුසියාවේ නිල සංචාරයක නිරතවී සිටින බ්‍රසීල ජනාධිපති ජායීර් බෝල්සෝනාරෝ විපතට පත්වුවන්ට කඩිනමින් සහන ලබාදෙන ලෙස උපදෙස් ලබාදී තිබේ.