27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුව රටේ සම්පත් විදේශයන්ට විකුණනවා - අපි ඒකට විරුද්ධයි

ආණ්ඩුව රටේ සම්පත් විදේශයන්ට විකුණනවා – අපි ඒකට විරුද්ධයි

ආණ්ඩුව රටේ සම්පත් විශාල වශයෙන් විදේශයන්ට විකුණා දැමීමේ සූදානමක සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

මෙරට පවතින විදුලි බලාගාර ඇතුළු බොහෝ සම්පත් විදේශයන් විසින් අත්පත් කර ගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටින අතර ඒ සඳහා ආණ්ඩුවද මැදිහත් වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සියල්ලට විරුද්ධ වන බවත් හෙතෙම අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රීලනිපය වත්මන් ආණ්ඩුව පිහිටුවීමට සහාය දැක්වූයේ පැවති දේශපාලන වාතාවරණය තුළ ගත හැකි ආසන්නම සහ යහපත්ම පියවර එය ලෙස සලකා බවයි.

එසේ සහාය දැක්වූයේ ඇතැම් එකඟතා සහ පොරොන්දු මත නමුත් මේ වන විට එම සියලු එකඟතා අමතක කර දමා ආණ්ඩුව දුන් පොරොන්දු එකකුදු ඉටු කර නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.