― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන මිල වැඩි නොකළොත් තෙල්වලටත් සීමා

ඉන්ධන මිල වැඩි නොකළොත් තෙල්වලටත් සීමා

ඉන්ධන මිල වැඩි කිරීමට අවසර ලබා නොදෙන්නේ නම් විදුලි බලාගාර, දුම්රිය, මගී බස් රථ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉදිරියේදී ඉන්ධන ලබාදීමට තීරණය කිරීමට සිදුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ වනවිටත් සංස්ථාවේ දෛනික අලාභය රුපියල් කෝටි 365කට වැඩි බවත් මෙම තත්ත්වය හමුවේ සංස්ථාවේ පෙබරවාරි මාසයේ අලාභය රුපියල් කෝටි එක්දහස් එකසියක් පමණ වන බවට අනුමාන කරන බවත් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේය.

ඉන්ධන මිල ඉහළ නොදමන්නේ නම් ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් වෙනුවෙන් ගෙවීමට රුපියල් පවා එකතු කර ගැනීමට සංස්ථාවට නොහැකි වන බව ඔහු අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම කියා සිටියේ,

“ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා වන යෝජනාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට අපි දෙනවා. දැනට සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් එකසිය හැත්තෑ හතකට විකුණන්නේ නමුත් අපි යෝජනා කළේ රුපියල් එකසිය අනූදෙක දක්වා එය වැඩි කරන්න කියලා. ඩීසල් ලීටරයක් දැනට අලෙවි වන්නේ රුපියල් එකසිය විසි එකකට. එය රුපියල් එකසිය හැට නවයක් දක්වා ඉහළ නැංවිය යුතුයි. එහෙම නොකළොත් අපිට ආයතනයක් විදියට ඉදිරියට පවත්වාගෙන යන්නට අපහසුයි.

දැනට ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග සංස්ථාව සතුව තියනවා. ඒ නිසා ජනතාව පෝලිම්වල සිට ඉන්ධන ලබාගන්න අවශ්‍ය නැහැ. ඉන්ධන ලබාගන්න මේ දිනවල විශාල පෝලිම් තියනවා කියලා මාධ්‍ය වාර්තා කළා. නමුත් එලෙස අවශ්‍යතාවක් නැහැ.”