― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියේ රහස් කැමරාවක්

ටියුෂන් පන්තියේ කාන්තා වැසිකිළියේ රහස් කැමරාවක්

ගම්පහ, විජයාරාම මාවතේ පිහිටි ප්‍රසිද්ධ උපකාරක පන්තියක කාන්තා වැසිකිළියක් තුළ සිදු වන දේ සජීවීව ජංගම දුරකතනයකින් හෝ පරිගණකයකින් නැරඹීමට හැකි ආකාරයේ උපකරණයක් වැසිකිළියක් තුළ සවිකර තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.

අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියන් සහභාගී වන මෙම උපකාරක පන්තියේ සිසුවියක විසින් වැසිකිළිය තුළ සවි කර තිබූ නවීන තාක්ෂණයෙන් යුත් උපකරණයක් දැක ඒ බව උපකාරක පන්තියේ ගුරුවරුන්, සිසු සිසුවියන් ඇතුළු මවුපියන් දැනුවත් කිරීමෙන් අනතුරුව මවුපියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ අරඹා ඇතැයි ගම්පහ පොලිසිය වැඩිදුරටත් පැවසීය.

එම වැසිකිළිය තුළ සවිකර තිබූ නවීන තාක්ෂණ උපකරණය මගින් ජංගම දුරකතනයක් හෝ පරිගණක යන්ත්‍රයක් උපයෝගී කරගෙන වැසිකිළිය තුළ සිදුවන දෑ සජීවීව නැරඹීමට හැකියාව ඇති බවට ගම්පහ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ  විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇති බවට ගම්පහ  පොලිසිය වැඩිදුරට ත් පැවසීය. 

මේ වන විට එම උපකාරක පන්තියේ ගොඩනැගිලි හිමිකරු ඇතුළු 15 දෙනෙකුගේ  ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ත් එම උපකාරක පන්තියට සහභාගි වන සිසු සිසුවියන් විභාගයට පෙනී සිටින හෙයින් ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව ත් ගම්පහ පොලිසිය වැඩිදුරට ත් පැවසීය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා, ස.පො.අ. (01) තුසිත කුමාර යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා ඇතුළු  නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව ත් එම උපකාරක පන්තියේ වැසිකිළියක් තුළ සවිකර තිබූ නවීන තාක්ෂණික උපකරණය වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා පොලිසිය භාරයට ගෙන ඇති බව ත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.