25.6 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණයන් දෙදෙනෙක් නිලාවේලි මුහුදට බිලි

තරුණයන් දෙදෙනෙක් නිලාවේලි මුහුදට බිලි

නිලාවේලි මුහුදු තීරයේ දිය නාමින් සිටියදී දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටි තරුණයින් දෙදෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් මුදාගෙන තිබේ.

පොලිසිය පැවසුවේ මාතලේ ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ නිලාවේලි මුහුදේ දියනාමින් සිටි පුද්ගලයෙකු දිය වැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී අදාළ තරුණයින් දෙදෙනා එම පුද්ගලයා මුදා ගැනීමට උත්සහ දරා ඇති බවයි.

එහිදී ඔවුන් තිදෙනාම දියඹට ගසාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. එලෙස මුහුදේ ගසාගෙන ගිය අනෙක් පුද්ගලයා අතුරුදන්ව ඇති අතර ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව එම පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලීසිය පවසයි.