30 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතවත් රුසියානු භටයින් 7000ක් යුක්‍රේන දේශසීමාවට

තවත් රුසියානු භටයින් 7000ක් යුක්‍රේන දේශසීමාවට

රුසියාව, යුක්‍රේන දේශසීමාව ආසන්නයේ සිය හමුදා භටයින් ඉහළ නංවමින් සිටින බව අමෙරිකාව පවසයි.

නේටෝ සංවිධානය ද ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව අදාළ දේශසීමාවෙන් භටයින් ඉවත්කර ගන්නා බව පැවසුවත් එවැන්නක් දක්නට නොලැබෙන බවයි.

රුසියාව තවත් හමුදා භටයින් 7,000ක් පමණ ඊයේ දිනයේ දේශසීමාව ආසන්නයට රැගෙන ගොස් ඇති බව බටහිර රටවල් පවසයි. ඊට අමතරව බර අවි, යුධ ගුවන් යානා ඇතුළු යුධ උපකරණ රැසක්ම දේශසීමා ආසන්නයට රැගෙනවිත් ඇති බවට ඔවුන් චෝදනා කරයි.

බ්‍රිතාන්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සඳහන් කරන්නේ, දේශසීමා ආසන්නයේ ජංගම රෝහලක් ද ඉදිකර ඇති බවයි. කෙසේ වුවද, රුසියාවට එරෙහිව එල්ල කරන මෙම චෝදනාවලට කිසිඳු පාර්ශවයක් පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කර නොමැත.