32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතවත් වෛරස් කාණ්ඩ 03ක් හදුනා ගැනේ

තවත් වෛරස් කාණ්ඩ 03ක් හදුනා ගැනේ

වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී තවත් වෛරස් කාණ්ඩ 03ක් හඳුනා ගෙන තිබේ. මෙම වෛරස් කාණ්ඩ මිනිස් සිරුරට ඇතුල්වීමේ අවදානමක් පවතින බව ඔවුන් අවධාරණය කරයි.

BANAL-103, BANAL-236 සහ BANAL – 52  යනුවෙන් මෙම වෛරස් කාණ්ඩ 03 මේ වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති SARS-CoV-2 යනුවෙන් හඳුන්වන කොවිඩ් වෛරසයට අයත් බවට හඳුනා ගෙන ඇති බව විද්‍යාඥයින් පවසයි.

ලාඕස් හි විද්‍යාඥයින් පිරිසක් විසින් එරට වවුලන් ආශ්‍රිතව සිදුකරන ලද පරික්ෂණයකදී මෙම වෛරස් කාණ්ඩ 03 හඳුනා ගෙන ඇත. මෙම වෛරස් කාණ්ඩ 03 තුලම ස්පයික් ප්‍රෝටීන් වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර එමගින් වෛරසය මිනිසාගේ ශ්වසන පද්ධතියට ඇතුල්වීමෙන් පසු එහි ඇලී සිටීමේ වැඩි හැකියාවක් පවතී.

එමෙන්ම මෙම වෛරස් කාණ්ඩ 03ට ඉතා පහසුවෙන් මිනිස් සිරුරට ඇතුල්වීමට ඉඩකඩ පවතින බවද එම විද්‍යාඥයින් සඳහන් කරයි.