― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමගේ තාත්තා මරන්නද මේ යන්නෙ ? ඕශල හේරත්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

මගේ තාත්තා මරන්නද මේ යන්නෙ ? ඕශල හේරත්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

මගේ තාත්තාගේ ජීවිතය රක්ෂිත බන්ධනාගාර විශාල අවදානමකට පත්කිරීමට හෝ හිරි හැර කිරීමට යම් කිසි කණ්ඩාමයක් කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරන බවට මට හැගෙනවා. මගේ පියා දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ 14 වෙනිදා. එහිදී ගරු මහේස්ත්‍රාත්වරිය ඔහු නිසි වෛද්‍ය අධීක්ෂණයකට යටත් කරන ලෙස බන්ධනාගාර නිලධාරින්ට උපදෙස් ලබා දෙනවා. නමුත් රීමන් බන්ධනාගාර නිලධාරින් එදින මගෙන් වෛද්‍ය වාර්තා ලබා ගැනීම ප්‍රතිෂේප කරනවා. පසුදින උදේ ඒවා ගෙනවිත් දෙන ලෙස මට කියනවා.

පසුදින (15) මම බන්ධනාගාරය වෙත යන විත ඔහුන් ඔහුව වෛද්‍ය පරික්ෂාවකට ලක් නොකර නුවර බෝගම්බර බන්ධනාගාර වෙත පිටත් කරනවා. එහිදීත් මම ඔහුගේ වෛද්‍ය වාර්තා සහ ඇදුම් ඔහුන් වෙත ලබා දීමට උත්සහ කලත් ඔහුන් එය ප්‍රතික්ෂේප කරනවා. මට ඒවා නුවර බෝගම්බර වෙත බාර දෙන ලෙස කියනවා.

පසුවම මම එවලේම බන්ධනාගාර බස් රථය පිටුපසම නුවර යනවා. එහිදී එහි ප්‍රධාන ජේලර් මහතා හට ඔහුගේ ඇදුම් සහ සමහරක් බෙහෙත් ලබා දීමට හැකිවෙනවා. මේ වෙන විතත් පය 24කට වැඩි කාලයක් ඔහු අදිරුධිර පීඩනය ඇතුළු රෝග වලට ලබා ගන්න දෛනික බෙහෙත් මග හැරී තිබුනා. පසුව ගරු මහේස්ත්‍රාත්වරිය ලබා දුන් උපදෙස් පිළිබද ඔහුන් දැනුවත් කලත් එම බන්ධනාගාරය තුල රෝහලක් හෝ වෛද්‍යවරයෙක් නොමැති බවත් පසුදින් වෛද්‍යවරයෙක් පැමිණ පරික්ෂා ඔහුන් පරික්ෂා කරන බවත්ය. තවද ඔහුන් කියා සිටියේ ඔහුට යම් හදිසි තත්වයක් ඇති වුවහොත් ඔහුව නැවත කොළඹ බන්ධනාගාර රෝහලට යොමු කරන බවය.

එම නිසා මම පහත ලිපිය විද්‍යුත් තැපැල් සහ ෆැක්ස් මගින් බන්ධනාගාර කොමසාරිස් හට යොමුකිරීමට කටයුතු කළා. පසුව මම බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතා හට Chandana Ekanayake මගේ ගැටලුව ගැන දැනුවත් කිරීමට කටයුතු කලා. ඔහු ඉතා හොද නිලාධාරියෙක්, ඔහු වහාම ක්‍රියාත්මක වී මගේ පියා නැවත කොළඹට ගෙන්වා ගැනීමට කටයුතු කලා. අද හවස 2කට පමණ මගේ පියා නුවර සිට බන්ධනාගාර බස්රියෙන් කොළඹ CRP වෙත ගෙන අවා. නමුත් සවස 5 හේ සිට මේ වන තෙක් මගේ පියා වෛද්‍යවරයෙක් වෙත යොමු කරන නෑ.

බන්ධනාගාර රෝහලේ නිලධාරින් හෝ CRP හි සිටින යම් නිලධාරින් පිරිසක් පිරිසක් කුමන්ත්‍රණකාරී ලෙස මගේ පියා වෛද්‍ය අධික්ෂණය යොමු වීම වැලැක්වීමට කටයුතු කරන බවට මට හැගෙනවා. දැනට පැය 48කත වැඩි කාලයක් ඔහු නිසි නින්දක් හෝ අවශ්‍ය වෛද්‍ය පහසුකම් නැතුව සිටිනවා.

ඔහුගේ ඇති රෝගී තත්වයන්ට අමතරව ඔහුගේ වයස75 ක් වීම නිසා කොවිඩ් රෝගයට පවා ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති අතර ඔහු කොවිඩ් රෝගය වැළදුන හොත් දැඩි අවදනමක් සහිත වයසක සිටිනවා. කොහොම උනත් මට හැගියන්නේ සහ බියක් ඇත්තේ ඔහුගේ දුර්වල සෞඛ්‍ය තත්වය හමුවේ ඔහු ස්වභාවික මරණයකට ලක්කීරිමට යම් උත්සහයක් යම් කුමන්ත්‍රණකාරී කණ්ඩාමයක් උත්සහ දරණ බවයි.

කරුණාකර මගේ පියාගේ ජීවිතය බෙර ගන්න හැකි කෙනෙක් සහය වෙන්න!

Oshala Lankan People Gotabaya Rajapaksa Mahinda Rajapaksa Namal Rajapaksa Human Rights Watch