22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝග ලක්ෂණ රහිත ඔමික්‍රෝන් ආසාදිතයන් ඉහළට

රෝග ලක්ෂණ රහිත ඔමික්‍රෝන් ආසාදිතයන් ඉහළට

රෝග ලක්ෂණ රහිත කොරෝනා අසාදිතයින් හරහා ඔමික්‍රෝන් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් දැනටමත් කොරෝනා ආසාදිත මරණ ඉහළ අගයක් ගෙන ඇති බවයි.

මේ අතර බුස්ටර් එන්නත ලබා ගැනීම සඳහා මේ වන විට ජනතාව අතර දැඩි උනන්දුවක් පවතින බව විශේඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසී ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කෙසේ නමුත් රටේ ජනගහනයෙන් මිලියන 1ත් 2 ත් අතර ප්‍රමාණයක් කිසිදු එන්නතක් හෝ ලබා ගෙන නොමැති බවයි.

මේ අතර ඊයේ දිනය තුළ කොවිඩ් අසාදිතයින් 1217 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් අසාදිතයින් ගණන 631, 816 කි.

තවත් කොවිඩ් මරණ 25 ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගනන 15, 899 කි.

කොවිඩ් ආසාදිතයින් 596,042කු මේ වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය සඳහන් කළේ ය.