27.2 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීමට සූදානම්

ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීමට සූදානම්

මෙවර ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුකළ හොත් එය ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ දැමීම් වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

තෙල් සංස්ථාව ඉන්ධන මිල වැඩි කරන්නැයි ඉල්ලීම සාධාරණ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ලෝක වෙළෙඳ පොළේ ද මේ වන විට ඉතිහාසගත ලෙස ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් පවතින තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයට කරුණු වාර්තා කර ඇතත් තවමත් අමාත්‍යාංශයෙන් පිළිතුරක් ලැබී නැති බවත් ඔහු පැවසීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ දිගින් දිගටම අලාභ ලබන සංස්ථාව ආයතනයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමට නම් අනිවාර්යෙන්ම ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල දැමිය යුතු බවයි.

ඒ අනුව පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 192 දක්වාත්, ඩීසල් ලීටරයක් රුපියල් 169ක් දක්වාත් අනිවාර්යෙන්ම ඉහළ නැංවිය යුතු බව සංස්ථාව දැනුම් දී තිබේ.

එමෙන්ම මෙවර ඉන්ධන මිල වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් මගී ප්‍රවාහන සේවා, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන ලබාදීමට තීරණය කිරීමට සිදුවන බව තෙල් සංස්ථාව දැනුම් දී තිබේ.