25 C
Colombo
Thursday, November 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිමට කෝටි 5000ක පොල්ලක්

ලංවිමට කෝටි 5000ක පොල්ලක්

ලංකා විදුලිබල මණ්ඩලයට සහ විදුලි පෞද්ගලික සමාගමට විදුලි පාරිභෝගිකයන් විසින් රුපියල් බිලියන 50ක් හෙවත් රුපියල් කෝටි 5000 ක් හිඟ බිල්පත් ගෙවිය යුතු බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

ඉන් කෝටි 4400ක් විදුලිබල මණ්ඩලයට හා කෝටි 600 ක් විදුලි පෞද්ගලික සමාගමට ගෙවි යුතු බව ඔහු අවධාරණය කරයි. එම පාරිභෝගිකයන්ට මේ මස බිල ගෙවීම අනිවාර්ය කර හිඟ බිල්පත මාස තුනක් තුළ කොටස් තුනක් යටතේ ගෙවීමට අවස්ථාව ලැබෙන අතර එසේ නොමැති වුවහොත් එම ආයතන දෙක හිඟ බිල්පත් සම්බන්ධයෙන් අනුමගමනය කරන සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

මුලු රටම ජාතික විදුලි අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාවේ පාරිභෝගිකයන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සහ නියමිත බිල්පත් ගෙවා සහයෝගය දැක්විය යුතු බව ඔහු පවසයි.