26.7 C
Colombo
Monday, January 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

සා/පෙළට අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන්

2021 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ කැඳවීම අදින් අවසන් වේ.

එම විභාගය සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය 10 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබුණ ද එය අද දිනය දක්වා කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.

ඒ අනුව අද දිනයේත් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම වෙත පිවිස මාර්ගගත ක්‍රමය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයට අයදුම් කළ හැකියි.

රජයේ පාසල් සිසුන් පාසලේ විදුහල්පතිවරයා වෙත ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.