27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසේවයට වාර්තා නොකරන්නැයි විමලවීරගෙන් ශර්මිලාට නියෝග

සේවයට වාර්තා නොකරන්නැයි විමලවීරගෙන් ශර්මිලාට නියෝග

නීතිවිරෝධී කාබනික පොහොර ව්‍යාපෘතිය පිළිබදව සිදුකරන විමර්ශන අවසන් වන තෙක් සේවයට වාර්තා නොකරන ලෙස වනජීවී රැකවරණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක විසින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂට නියෝග කර තිබේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ විසින් පසුගියදා දෙහිවල සත්වෝද්‍යානයේ නීතිවිරෝධී කාබනික පොහොර ව්‍යාපෘතියක් දියත්ව තිබෙන බවට චෝදනා කළ අතර ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් පත් කරන ලද විශේෂ කමිටුවකින් විමර්ශන අරඹා ඇත.

එම විමර්ශන කටයුතු දින 14 ක් තුළ අවසන් කරන ලෙස අමාත්‍ය විමලවීර දිසානායක විසින් උපදෙස් ලබා දී ඇත. එම පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් සේවයට වාර්තා නොකරන්නැයි අමාත්‍යංශය මගින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

විමර්ශන කටයුතු අවසන් වීමට පෙර අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයට වාර්තා කර ඇති බවත් විමර්ශන කටයුතුවලට බාධා වන ආකාරයෙන් ඇය කි‍්‍රයාකර ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මීට පෙර පවසා තිබුණේ, විමර්ෂණ කටයුතු දින 14 ක් තුළ අවසන් නොකරන්නේ නම් ඇය ඉල්ලා අස්වන බවයි.