― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNews14 වියැති ස්ටෙෆන් සොයන්න පොලීසිය මහජන සහය පතයි

14 වියැති ස්ටෙෆන් සොයන්න පොලීසිය මහජන සහය පතයි

වයස අවුරුදු 14ක මෙරින් ස්ටෙෆන් නමැති  කොච්චිකඩේ ප්‍රදේශයේ පිරිමි දරුවෙක් අතුරුදන් වී ඇති බව පොලිසිය නිවේදනය කරයි.

කොච්චිකඩේ ඔබ්බේරිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මෙම දරුවා පසුගිය ජනවාරි 22 වනදා සිට අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. එදින එම දරුවා නිවස ආසන්නයේ ඇති දේවස්ථානයක මංගල්‍යයට සහභාගීවීමට යන බව පවසා නිවසින් පිටව ගියත් නැවත නිවසට නොපැමිණි බව එම දරුවාගේ දෙමව්පියන් විසින් පොලීසියට පැමිණිලි කර තිබුණි. 

අතුරුදන් වූ දරුවා මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙන දරුවෙක් බවද මව සඳහන් කරයි. එම දරුවා සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටින අතර දරුවා පිළිබඳ විස්තර පහතින් දැක්වෙයි.

පොලීසිය සඳහන් කරන්නේ දරුවා පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් දුරකථන අංක 071 859 16 31 ඔස්සේ කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති වෙත හෝ දුරකථන අංක 031 22 77 222 / 031 22 76 338 හරහා කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත දැනුම්දෙන ලෙසය. 

වැඩි විස්තර පහතින්, නම – මෙරින් ස්ටෙපාන්
වයස – අවුරුදු 14
උස – අඩි 05 ක් පමණ
කොණ්ඩය කොටට කපා ඇත.
අවසන් වරට ඇඳ සිට ඇත්තේ කොළ පැහැති අත් කොට කමිසයක් සහ නිල් පැහැති ඩෙනිම් දිග කලිසමක් සහ සුදු සහ කළු සපත්තු දෙකකි.