29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන් විදුලි සංස්ථාවේ 'පියානෝ' සොරකම් කළේ කවුද?

ගුවන් විදුලි සංස්ථාවේ ‘පියානෝ’ සොරකම් කළේ කවුද?

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබූ මිල අධික පෞරාණික වටිනාකමකින් යුත් පියානෝ තුනක් අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

ඉකුත් 2021 වර්ෂයේ ජුලි මස 01 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ කළ පැමිණීල්ලකට අදාළව එහි තිබූ මිල අධික පියානෝ තුනක් අස්ථානගතවීම සම්බන්ධයෙන් පොදු දේපල පනත ප්‍රකාරව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක දෙකෙහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජානක මාරසිංහ විසින් මෙම පැමිණීල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙය, 1982 අංක 12 දරණ පොදු දේපල පනත ප්‍රකාරව සිදුකර ඇති වරදක් බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් මෙහි සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.