29.5 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචමුදිතට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නැයි නියෝග

චමුදිතට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නැයි නියෝග

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන්නැයි කැස්බෑව මහේස්ත්‍රාත් රුවන්දිකා වීරසිංහ අද (18) පොලිසියට නියෝග කර තිබේ.

තමාට ආරක්ෂාව සපයන ලෙසට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මෝසමක් මාර්ගයෙන් කැස්බෑව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය සිදුකර තිබේ.

ඒ අනුව පොලිසියේ සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පොලිස් කොට්ඨාසයට අධිකරණය නියෝග කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ඇතුළු පවුලේ සාමාජිකයින්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙසටයි.

ඉකුත් 14 වැනිදා අලුයම පිළියන්දල ගංගාරාම පාරේ පිහිටි චමුදිත සමරවික්‍රමගේ නිවසට කිසියම් පිරිසක් පැමිණ කළ මැර ප්‍රහාරයෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.