27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාඨලී චම්පිකගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාඨලී චම්පිකගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් පිළිබඳ සාක්ෂි වසන්කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුව අද (18) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබීය.

එම අනතුරේ සාක්ෂි වසන්කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල්දමන ලෙස එහි විත්ති පාර්ශ්වය වෙනුවෙන් කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

එහිදී විත්තිකාර පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලේඛන සමහරක් තමන් වෙත ලැබී නොමැති බැවින් මෙම අවස්ථාවේ නඩු විභාගය පැවැත්වුවහොත් තම සේවාදායකයාට අගතියක් සිදුවිය හැකි නිසා එම ලේඛන ලැබෙනතුරු සාක්ෂි විභාගය කල්දමන ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඊට විරෝධය පළකර සිටියේය. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිය විසින් ඉදිරිපත් කරන මෙම කරුණ නඩුවිභාගයක් කල් තැබීම සඳහා සාධාරණ හේතුවක් නොවන බව පෙන්වා දුන්නේය.